පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ
සිංහළ කමත් බෞද්ධකමත් දෙකක් නොව එකක් මය. ගහට පොත්ත මෙනි.මේ දෙකේ පැවැත්ම හෝ ප්‍රබෝධය එකිනෙක සබැඳී පවති. මේ ශක්තීන් දෙකම පවතින හා ඒවායේ ආලෝකය විහිදුවන ස්ථානය අපගේ මේ කුඩා දිවයින වන ශ්‍රී ලංකාද්විප පුණ්‍ය භූමියයි. පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ යනු,අපගේ මාතෘභූමියෙත් සම්බුදු සසුනේත් සිංහළ ජාතියේත් පිනට පහළ වු තවත් බෝධිසත්ත්ව චරිතයකි. සාමාන්‍ය හෙළ බොදු පවුලක ඉපිද අනෙකුත් දරුවන් සේම දෙමාපිය, සහෝදර,හිතමිත්‍ර ඥාතින්,ගුරුවරුන් සමඟ හැදී, කෙළිදෙලෙන් එහෙත් සිල්වත් හා ගුණවත් සවාමින්වහන්සේලාගේ ඇසුරේ වැඩී, සසර පාරමිතා ව අනුව භද්‍ර යෞවනයේ දී, එනම් වයස අවුරුදු 26 සම්පුර්ණ වු විගසම සසුන්ගත ව මහණදම් පුරමින්,විටෙක ආරණ්‍යගත ගල්ලෙන් වල දුෂ්කර වුත්, සුන්දර වුත් අත්දැකීම් ලබමින්, බෞද්ධ දර්ශනයේ අත්පොත බදු ත්‍රිපිටකය කිහිප වරක් ම පරිශිලනය කරමින් එහි සඳහන් කරුණු ප්‍රායෝගිව අත්හදා බලමින් එක දිගට සැතපුම් සිය ගණනක් මාසයකට වැඩි කාලයක් පා ගමනින්ම වැඩම කරමින්,තමා විඳි දහම් රසය ආවර්ජනය කරමින් හා ඒවා දහස් සංඛ්‍යාත ජනතාවට බෙදා දෙමින්,රට පුරාම ගම්දනව් සිසාරා වැඩම කල ගමනේදී විවිධ ජන කොටස් වල සිතුම් පැතුම් හා ජිවණ රටාව අධ්‍යයනය කරමින් පොතපතින් මෙන්ම විදෙස් ධර්ම දුත සේවය තුලින්ද, තමා විසින්ම අවබෝධ කරගත් මහා දැණුම් සම්භාරයකින් පරිපූර්ණ වු ද, සෙබාදහම විසින් තමන් වහන්සේට පවරා තිබු යුග මෙහෙවර වන "බුදු දහමේ පහස ලබමින් උදාර සංස්කෘතියකට උරුම කම් කියු ශ්‍රේෂ්ඨ මිනිස් සමජයක් පරගැති බවේත්,දුරාචාරයේත් ආදීනව හේතුවෙන් පිරිහී විනාශ වී යද්දී, පිරිහී ගිය 'ඒ ආධ්‍යාත්මය ප්‍රතිෂ්ඨාපනය කිරිමේ කාය්‍යීභාරය'' ඉටුකරමින් හා,ඊට අවැසි පරිසරය නිර්මානය කරමින් සිය වගකීම මැනැවින් ඉටු කරන ලද යුග පුරුෂයාණන් වහන්සේ නමකි, පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ .